ග්‍රහ අපල සම්බන්ධ මැණික්



ග්‍රහ අපල සදහා පැලදිය යුතු මැණික් පිළිබද හදුණා ගනිමු



රවි,සදු,කුජ,රාහු,ගුරු,සනි,බුධ,සිකුරු වැනි ග්‍රහයන්ගේ අපල උපද්‍රවයන් මගහරවා ගැනීම සදහා විවිධ මැණික් වර්ග භාවිතා කරන අතර අපි පිළිබද හදුනා ගනිමු.


හිරු ග්‍රරහයාගෙන් වන අපල සදහා.


පද්මරාග මැණික් මේ සදහා සුදුසු වන අතර මෙය පරෙවි ලේ පාටින් යුක්තය. මේ මැණික් වර්ගය පැළදීම මගින් මිනිසාගේ මානසික ‍ප්‍රබෝධය, චිත්ත ශක්තිය, නිර්භීත භාවය ඇතිකරනු ලබයි. පිය පක්ෂයෙන් නොයෙකුත් වරප්‍රසාද ලැබේ. පිත් කෝපයෙන් ඇතිවන අසනීප සමනය වන අතර බෝවන රෝග ආදියෙන් වැලකෙයි. 

සඳු ග්‍රහයාගෙන් වන අපල සඳහා


මේ සඳහා මුතු පැළඳීම ඉතාමත් සුදුසුය. නමුත් මුතු යනු මැණික් ගණයට අයත් නොවන්නකි. මෙමගින් මවගෙන් හා මවුපස ඥාතීන්ගෙන් ලාභ ප්‍රයෝජන ලැබේ. යස ඉසුරු ලැබේ. චිත්ත ශක්තිය වර්ධනය වේ. ලෙඩරෝග වලක්වයි. මුතුවර්ග නමයක් පමණ ඇති නමුත් නාග මුතු, ගජ මුතු, සක් බෙල්ලාගේ මුතු, සොයාගැනීම ඉතා අපහසුය. එනිසා මේ සඳහා සුදු පාට වර්ණයෙන් යුතු මූදු බෙල්ලාගේ මුතු යොදා ගනී. 




කුජ ග්‍රහයාගෙන් ඇතිවන අපල සඳහා.


මේ සඳහා රතු මැණික් හා කොරල් භාවිතය සුදුසුය. මෙමගින් සහෝදර සහෝදරියන්ගේ හොඳ හිත දිනා ගැනීමටත් ඔවුන් සමග හයෝගයෙන් වැඩ කටයුතු කිරීමටත් හැකි වේ. සොර සතුරු උපද්‍ර අවම කරයි. යාන වාහන, ඉඩම්, ගෙවල් ආදිය ලැබී දියුණු තත්වයකට පත්වේ. ලෙඩරෝග සමනය කරයි.
 



බුධ ග්‍රහයාගෙන් ඇතිවන අපල සඳහා.


මේ සඳහා පච්ච මැණික් පැළඳීම සුදුසුය. මෙයින් අධ්‍යාපනය සඳහා හිත යොමුකරයි. මෙමගින් මුහුකුරා ගිය බුද්ධි මට්ටමක් ඇති කිරීමට හේතු වේ. මධ්‍ය ක්ෂේත්‍රයේ රැකියාවන්හි නියුතු අය සඳහා සුදුසු වේ. මානසික ආබාධ අවම කරයි. පච්ච මැණික් බුලත් දළුවේ පැහැයට සමාන වේ.



ගුරු ග්‍රහයාගෙන් ඇතිවන අපලයට

මේ සඳහා පුෂ්පරාග මැණික් පැළඳීම සුබය. බොහෝ යස ඉසුරු ලැබීමට තනතුරු ලැබීමට ප්‍රභූන්ගේ ගෞරවට පාත්‍ර වීමට හා ජනතාව අතර නායකයකු කිරීමටත් හේතු වේ.


සිකුරු ග්‍රහයාගෙන් වන අපලයට


මේ සඳහා දියමන්ති, සුදු මැණික් පැලදීම සුදුසුය. මෙමගින් ස්ත්‍රී පුරුෂ දෙපක්ෂයේ සමගිය, ආදරය, විනෝදය, යාන වාහන, රෙදිපිළි වසත්‍රාභරණ, නිවාස ලැබීමට භාග්‍ය උදා කරයි. කලා කටයුතුවල නිරත වූවන්ටද පැලදීමට ඉතා සුදුසු මැණික් වර්ගයකි. ලෙඩරෝග සමනය වේ. සාමාන්‍යයෙන් දියමන්ති ලා කිරිපාටට හුරුය. 
 


සෙනසුරු ග්‍රහයාගෙන් වන අපලයට



මේ සඳහා කාක නිල් පැලඳීම සුදුසුය. මෙමගින් සිතේ ඇතිවන දුක් කම්කටොළු මගහැරී අලස ගතිය මග හැරේ. ඥාතීන්ගේ උදව් උපකාර ලැබේ. ඉඩකඩම් ගෙවල් දොරවල් ලැබීමට හේතු වේ. එසේම සිතේ නිරවුල් බව ඇතිවීමටද හේතු වේ. මෙම ගල කපුටාගේ පැහැයෙන් යුක්තය. 

 

රාහුගෙන් ඇතිවන අපලයට


මේ සඳහා ගොමේද මැණික් පැළඳීම සුදුසුය. මෙමගින් සිතේ ඇතිවන කෝපය, නොසන්සුන් කම පහව යාමටත් නිරවුල් මනසකින් කටයුතු කිරීමටත් පුදුගලයා යොමු කරවයි. හදිසි අනතුරු අවම කරන අතර, උෂ්ණාදික රෝග හා මානසික ආබාධ අවම කරයි. මෙම ගල් වර්ගය හරක් මස් කෑල්ලක ස්වරූපය ගනී. ‍එමෙන්ම ඉඳුනු ගෙඩියක පැහැය ගනී.




කේතුගෙන් ඇතිවන අපලයට


මේ සඳහා වෛරෝඩි මැණික් පැළඳීම සුදුසු වේ. මෙමගින් ඥාණය බුද්ධිය ලබා දෙයි. සමාජයේ ගෞරව ප්‍රසංසාවට ලක් වේ. සිතේ ප්‍රබොධමත් භාවය ඇති කරයි. සියළු වාත රෝග, කුෂ්ඨ රෝග සමනය කිරීමට හේතු වේ. වෛරෝඩිය කපා ඔප දැමූ වි‍ට ගලේ මතුපිට බළලාගේ ඇස් මෙන් සෘජු රේඛාවක් දිස් වේ. 
 



මෙම මැණික් වර්ගය පැළඳීමෙන් ඒ ඒ ග්‍රහයන්ගේන ඇතිවල අපල උපද්‍රව මග හැරේ. මේවා පැළඳිය යුත්තේ තම තමන්ගේ ජන්ම කේන්ද්‍රය පරීක්ෂා කර බැලීමෙනි.

No comments:

Post a Comment